සතුට සොයා !




  “මිල අධික ඇඳුමකින් සැරසුණු රූමත් කාන්තාවක් තම මනෝ වෛද්‍යවරයා හමුවට පැමිණියේ තමන් මානසික අවපීඩනයෙන් පසුවන බවත් තම ජීවිතය අර්ථ විරහිත බවත් පවසමිනි.
 
 'මම මෙතන වැඩ කරන මේරිගෙන් අහන්න යන්නේ ඇය සතුට හොයාගත්තේ කොහොමද කියලා අහන්න.මට අවශ්‍ය ඔබ ඇයට ඇහුම්කන් දීම පමණයි'
  මනෝ වෛද්‍යවරයා කාර්යාලයේ බිම් පිරිසිදු කරන මහලු කාන්තාවට කතා කර ඇගේ කතාව තම සේවාදායකයා සමඟ බෙදා ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

  ඉතින් මහලු කාන්තාව කොස්ස බිම තබා පුටුවක වාඩි වී ඇගේ කතාව පැවසුවාය.
  'මගේ මහත්තයා පිළිකාවක් හැදිලා මැරුණා. මාස 3කට පස්සේ මගේ එකම පුතා කාර් අනතුරකින් මැරුණා.. මට කවුරුත් හිටියේ නැහැ.. මට කිසිම දෙයක් ඉතුරු වුණේ නැහැ.. මට නිදාගන්න බැරි වුණා, මට කන්න බැරිවුණා, මම කවදාවත් කාත් එක්කවත්හිනා වුණේ නැහැ. මට මගේ ජීවිතේ නැති කරගන්න පවා හිතුනා .
       ඊට පස්සේ දවසක් හවස පොඩි පූස් පැටියෙක් මම වැඩ ඇරිලා ගෙදර එද්දී මගේ පස්සෙන් ආවා. කොහොම හරි මට ඒ පූස් පැටියා ගැන දුක හිතුනා. එළියේ සීතල නිසා මම පූස් පැටියා ඇතුලට දාන්න තීරණය කළා. මම කිරි ටිකක් අරන් දුන්නා,ඊට පස්සේ උ මගේ කකුලේ මූන අතුල්ලන්න ගත්තා.මාස කිහිපයකට පස්සේ පළමු වතාවට මම හිනාවුනා. 
  ඊට පස්සෙ මම හිතන්න ගත්තා ... කුඩා පූස් පැටියෙකුට උදව් කරලා මගේ මූණට හිනාවක් ගේන්න පුළුවන් නම්, කවුරුහරි වෙනුවෙන් මොනවා හරි දෙයක් කරල මට සතුටු වෙන්න පුළුවන් කියලා,
  ඉතින් පහුවදා මම බිස්කට් ටිකක් බේක් කරලා ලෙඩ ඇඳේ ඉන්න අසල්වැසියෙක් ළඟට අරන් ගියා.
  හැම දවසකම මම යමෙකු වෙනුවෙන් හොඳ දෙයක් කිරීමට උත්සාහ කළා. එයාලා සතුටින් ඉන්නවා දැක්කම මට ලොකු සතුටක් දැනුණා.
  අද මට වඩා හොඳින් නිදා ගන්න කෙනෙක් ගැන මම දන්නෙ නෑ. මම සතුට හොයාගෙන තියෙන්නේ අනුන්ට දීලා.'
  එය ඇසූ ධනවත් කාන්තාව කෑගැසුවාය. සල්ලිවලට ගන්න පුළුවන් හැම දෙයක්ම ඇයට තිබුණත් සල්ලිවලට ගන්න බැරි දේවල් ඇයට නැතිවෙලා තිබුණා.
  ජීවිතයේ සුන්දරත්වය රඳා පවතින්නේ ඔබ කොතරම් සතුටින් සිටිනවාද යන්න මත නොව, ඔබ නිසා අන් අය කොතරම් සතුටු විය හැකිද යන්න මතය.
  සතුට යනු ගමනාන්තයක් නොවේ. ඒක ගමනක්. සතුට හෙට නොවේ, එය දැන්.
  සන්තෝෂය රඳා පැවැත්මක් නොවේ, එය තීරණයකි. සතුට යනු ඔබ කවුරුන්ද යන්න මිස ඔබට ඇති දේ නොවේ."

අයිතිය 🖋️~නොදනී~
මඳහස්මි පරිවර්තනයකි.
උපුටාගැනීමේදී අයිතිය සුරකින්න.

0 Comments