මම ගොඩක් තැන් වල දැකලා තියනවා ස ම හ ර ක් අය i phone එකක් අරගෙන හැම කන්නාඩියක් ඉස්සරහට ගිහින් පොටෝ එකක් ගහලා දලා අමාරුවෙන් ඇපල් කෑල්ලක ප්‍රතිබිම්බයක් අරගෙන ශෝශල් මීඩියා කලබනවා.අපි මෙ පෝන් එක ගත්‍ත කෙනා " X " කියලා ගමුකො , මාසයක් දෙකක් යද්දි අ ඩු ව ට පෝ න් විකුණන ගෲප් වල මෙ X කියන කෙනාගෙ පෝස්ට් එකක් දකිනවා. " සල්ලි හදිස්සියක් නිසා ඉක්මනට විකුනනවා ගාන මෙච්චරයි මෙච්චරයි " කියලා. ආ කමක් නෑ කියමුකො. ඊට පස්සෙ පෝන් එකත් පාඩු පිට විකුණලා තමන්ගෙ මුදල් හදිස්සියත් වියදම් කරලා ඉතුරුවෙන ගානත් අතෙ තියාගෙන සතියක් දෙකක් ඉන්නවා. ආයි අ ඩු ව ට පෝ න් ගෲප් එකක මෙ X ගෙ තව පෝස්ට් එකක් දකිනවා " ගෙවීමෙ ක්‍රමයට i phone ගන්න තියනවද ? " එකම ඇම දෙපාරක් කනවා දැක්කෙ එදා. ඉතින් ලංකාවෙ මෙ දූපත් මානසිකත්වෙ තියාගෙන social status එකක් Maintain කරන්න යනවා. ඉතින් රටක් විදියට ගත්‍තම වැඩිපුර ඉන්නෙ මෙ X වගෙ මිනිස්සුනම් මෙ රට ආපස්සට යන එක පුදුමයක් නෙමෙයි. ඒත් කවදාවත් මම දැකලා නෑ හරි විදියට Real social status එකක් maintain කරන අයට කවදාවත් උඩ Xට වගෙ අත්දැකීමක් තියනවා. අවුරුදු ගානක් හොදට එ දෙගොල්ලම ආශ්‍ය කරලා හොදට තේරුම් ගත්තා තමන්ට ලැබෙන ආදායමෙ තරම අනුව නෙමෙයි මෙ දෙ රදා පවතින්නෙ. ඒක තීරනය වෙන්නෙ දෙගොල්ලොම තමන්ට ලැබෙන මුදල් ප්‍රමාණය හරියට හසුරවන එක මත ( #moneymanagement ) දුප්පත් කියන ගොඩ X විදියටත් පොහොසත් ගොඩ Y විවියයත් ගත්තොත්. මෙ X කියන ගොඩේ ඉන්න අයට උපරිම තියෙන්නෙ ආදායම් මාර්ග එකක් වගෙ. ඉතින් මෙ ආදායම් මාර්ගෙන් ලැබෙන මුදල් වලින් තමන්ගෙ හැම අවශ්‍යතාවයක්ම ඉටු කර ගන්නෙ. මාසයක් මැරිලා මැරිලා වැඩ කරලා අවසානෙට ගන්න පඩියෙන් මාස දෙකකට හරියන්න වියදම් කරලා. අන්තිමට ඒත් මදි වෙද්දි කාගෙන් හරි සල්ලි ටිකක් ඉල්ලලා #KFC එහෙම ගිහිල්ල පොටෝ එකක් දෙකක් status එහෙම දාලා යාන්තම් වටේ පිටේ අයට පේන්න තත්වෙ රැකගෙන මාසයක් ගෙවා ගත්තා. හරි දැන් අපි යමු ඊලග මාසෙට. ඔය වගෙ loop වෙවී වෙවී ගිහින් අන්තිමට ලොකු ණයකාරයෙක් වෙලා ජීවිතේ විදින්න තියන කාලෙ ණය ගෙවන්න මහන්සි වෙලා වෙලා නිකරුනේ විදවනවා. ඒත් Y ගොඩේ කෙනෙක් ගත්තොත් එයාට අඩුම ආදායම් මාර්ග දෙකක් තියනවා. හෝ ඊට වැඩි. ඉතින් තමන්ගෙ අවස්තාවලට වියදම් කරන්නෙ ප්‍රධාන ආදායමෙන් නෙමෙයි එයාගෙ අමතර ආදායම් වලින්. එ මාසෙ තමන්ගෙ වියදම් ටික කවර් කර්ගෙන තමන්ගෙ මට්ටමත් රැකගෙන ප්‍රධාන ආදායමත් රැකගෙන සතුටින් ජීවත් වෙනවා. ඉතින් එයාලා සතුටින් ජීවත් වෙනවා දකින තව X කෙනෙක් පිටින් විතරක් බලලා ඇම කාලා ආයෙත් කට්ට හිර කර ගන්නවා. ඕකයි රටට උනෙ